ZIS #8-General - Registration Form

SLtoCanada Info Session #8 [General]

 SLtoCanada Info Session #8 [General]

කැනඩාව තුල ස්ථිර පදිංචිය ලබා ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන්, ඊට අදාල සියළුම ක්‍රම පිළිබඳව දැනුවත් කරන ZiS-General  වැඩසටහන් මාලාවේ අට වැනි ඉදිරිපත් කිරීම සඳහා දැන් සියල්ල සූදානම්. ශිෂ්‍ය බලපත්‍ර හෝ වෘත්තිකයන් ලෙස කැනඩාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්ම මෙම වැඩසටහන සූදානම් කර ඇත.

දිනය - මැයි මස 29 සෙනසුරාදා සහ 30  ඉරිදා

වෙලාව- පළමු දිනය ‍පෙ.ව 11.30  සිට ප.ව 8.15  සහ දෙවන දිනය ‍පෙ.ව 5.00- ප.ව 2.15 දක්වා

කාළය - පැය 18 

කණ්ඩායම - උපරිම 22 පමණි.

සාකච්ඡා කෙරෙන මාතෘකා
.

• Orientation (හඳුන්වාදීම සහ හැඳිනගැනීම)

• Your Dream Hometown (කැනඩාවේ විවිධ පළාත් වල තත්ත්වය පිළිබඳ)

• Financial Basics and Money saving tips (මුදල් සහ ආර්ථිකය සැලසුම් කිරීම)

• Immigration Pathways-Student Permits (Study Permit පිළිබඳ වැඩසටහන)

• Work Permit & Job finding Strategies (රැකියා බලපත්‍ර, සහ රැකියා සොයා ගැනීමේ උපක්‍රම)

• Application Submission Methods (සංක්‍රමණ අයදුම්පත් සම්පුර්ණ කිරීම සහ යොමු කිරීම පිළිබඳව)

• Immigration Pathways-Express Entry (Express Entry ක්‍රමය පිළිබඳ වැඩසටහන)

• Newcomer Services & Resources (අළුත පැමිණෙන ඔබට ලබා ගත හැකි සහයෝගයන්)

• Immigration Pathways-PNP & Immigrate to Quebec (PNP පළාත් සංක්‍රමණ ක්‍රම ගැන)

• Immigration Frauds & Prevention (සංක්‍රමණ වංචා සහ ඒවායෙන් ආරක්ෂා වීම)

• PR Relevant Immigration Law (ස්ථිර පදිංචි ක්‍රියාවලිය ආශ්‍රිත සංක්‍රමණ නීතිමය පදනම)

• How to Plan Your Immigration Dream (ඔබේ සංක්‍රමණ සැලසුම සකසාගන්නා ආකාරය පිළිබඳව)

• Q&A  (ඔබේ ගැටළු වලට පිළිතුරු දෙන වැඩසටහන)

වැඩසටහන ඉදිරිපත් කරන්නේ - Zoom video conferencing ඔස්සේ

ගාස්තුව- කැනේඩියානු ඩොලර් 35

Cargills Food City සහ ඕනෑම බැංකුවක්  ඔස්සේ ගෙවීම් කළ හැකි අතර ගැලපෙන ක්‍රමය සහ දිනට අදාල රුපියල් අගය පිළිබඳ වැඩි විස්තර සඳහා 070-220-5000 ඔස්සේ චතුරංග අමතන්න. මෙම වැඩසටහන සම්බන්ධීකරණය සඳහා ලංකාව තුල ඉහත අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි චතුරංග හැර වෙනත් කිසිදු නියෝජිතයෙක් යොදව‍ා නොමැත. 

ලියාපදිංචි වීම සඳහා පියවර

1) 070-220-5000 දුරකථනය හෝ වට්ස්ඇප් මගින් චතුරංග අමතන්න
2) ලැබෙන උපදෙස් අනුව,ඔබට පහසු ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදුකරන්න
3) ගෙවීමට අදාල රිසිට්පත, පෙර අංකයට චතුරංග වෙත යොමු කරන්න.
4) අදාල තොරතුරු සමඟින් www.sltocanada.com වෙත පැමිණ ලියාපදිංචි වන්න.
5) ගෙවීම් තහවුරු කළ සහ ලියාපදිංචි වූ ඉල්ලුම්කරුවන් වෙත පැය 24ක් තුල තහවුරු කිරීමේ ඊමේලයන් ලැබේවි.
6) මෙම සමුහය තුල සහ www.canada.ca තොරතුරු මූලික අධ්‍යයනයක් කර සූදානම් වන්න.
7) වැඩසටහන දා නියමිත වේලාවට සම්බන්ධ වන්න, ඔබේ අරමුණ ජය ගන්න.

(ලියාපදිංචි වන මුල් ඉල්ලුමකරුවන් 22ට පසුව, මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි කිරීම අවසන්වන අතර, එම ගැටළුව හැර මෙම ලියාපදිංචියට අදාල වෙනත් ගැටළු ඇත්නම් info@sltocanada.com අප අමතන්නට ඔබට පුළුවන්.)