තෙවන පියවර - කොයි පාරද කිට්ටු පාර


කැනඩාවට එන්නට කැමැත්ත , උනන්දුව තියෙන කෙනෙක් විදියට දැන් අපි බස හදා ගන්නට සූදානම් නේ , කෙසේ වෙතත් මෙන්න මේ ලින්ක් ටික හුඟක් වැදගත් වේවි ඔබේ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්නට , විශේෂයෙන්ම I.E.L.T.S වලට සුදානම් වන්නට , වෙනත් කරුණූ ටිකක් ගැන ලියන්න හිටියත් , පහුගිය ලිපියෙන් පස්සේ ලැබුනු ඇමතුම් , ඊ ලිපි සියල්ලම ගැන හිතා බැළුවම මට හිතුනේ , විසා ක්‍රියාවලිය Visa processing ගැන කතා කරනවාට වඩා වැදගත්ම දේ මේ කඩුල්ල පනින හැටි (කොටු පනින හැටි නෙවි ) කතා කරන එකයි කියල , මොකද අපේ රටේ ඉන්න ප්‍රමාණවත් සුදුසුකම් ඇති අයත් මේ පැත්තට නොඑන්නට ලොකුම හේතු මේ I.E.L.T.S. කඩ ඉම බවයි මට හිතෙන්නේ , මොකද සල්ලි නැත්නම් ඉතින් ගේදොර විකුණල හරි ණයක් අරගෙන හරි වැඩේට බහින්න පුළුවන් වුනත් . ඒත් ඉතිං මේක ගොඩ දාගන්නම එපායැ .



ඒ නිසා මේ විභාගය සහ එහි පල නෙලා ගන්න ඕන කරන පොඩි උපදෙස් ටිකක් දෙන්නයි මුලින්ම හිතුවේ . මුලින්ම  කරන්න ඕන දේ තමයි ඔබ ලඟ දැනට තියෙන ඉංග්‍රීසි දැනුම ටිකක් අළුත් කරගන්න එක . ඒකට ඉතිං ලොකු ලොකු දේවල් ඕන නැහැ , ඔය පොඩි ග්‍රැමර් පොතක් මුල ඉඳළම ටිකක් බලාගෙන කියවගෙව , පොඩි පොඩි exercises ටිකක් කරගෙන යන්න.

මෙන්න හොඳ පොතක් ඒ වැඩේට ,

http://uploading.com/files/29f2b195/EssentialGrammar.part1.rar/ http://uploading.com/files/5maa11d7/EssentialGrammar.part2.rar/


මේ ලිංක් දෙකෙන් ගියාම මේ පොත PDF එකක් විදියට ගන්න පුළුවන් . ඊට පස්සේ මුල ඉඳළම තියෙන සාරාංශ සටහන් ටික බලල , අභ්‍යාස ටිකත් කරන්න , එතකොට දැනෙයි ටික ටික තමන්ගේ ඉංග්‍රිසි දැනුම ටික ටික වැඩෙන හැටි.


මේ වගේ තවත් පොත් ඇති , ඒත් මම මේ කියන්නේ මගේ අත්දැකීම් නේ , ඒ නිසා මීට වඩා හොඳපොත් ගැන දන්නවා නම් සමාවෙලා ඒ ගැන කොමෙන්ට් එකක් විදියට ලිව්වොත් , ඒබ ලබා ගන්න පුළුවන් විදියත් එක්කම , මේ ලිපි කියවන අයට හුඟක් වැදගත් වේවි .

මේ එක්කම අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගන්නට පුළුවන් , ඉංග්‍රිසි පාඨමාලා ගණනාවක් තිබෙනවා , එයිනුත් වැඩ ගන්නට උත්සාහ කරන්න ,උදාහරණයක් විදියට මෙන්න මේ ලිංක් එකට ගිහින් නොමිලේ ලියාපදිංචි වෙලා බලන්න.http://www.englishlink.com/en-ca/

හොඳයි දැන් ඉතින් පුළුවන් නම් , ගමේ ඉන්න හොඳ ඉංග්‍රිසි ගුරුතුමෙක් ගාවට ගිහින් දැනුමේ තියෙන පොඩි අඩුපාඩකම් ටික , හදාගන්න බලන්න , මේ අතරේ පුළුවන් නම් ඉංග්‍රිසියෙන් කතා කරන්නට හොඳ මිතුරෙක් සොයා ගන්න , ඉංග්‍රිසි ගුරුතුමා එක්ක හරි කමක් නැහැ , මුලින්ම කෙලින් බලාගෙන කතා කරන්න බැරි නම් , ෆෝන් එකෙන් ටිකක් කතා කරන්නකෝ. පොඩි කෑළි දාල වැඩේ පටන් අරගෙන ටිකක් දියුණූ කරගන්න , ඔව් ඉතින් එකපාරටම ඔක්කොම හරියන්නේ නැහැ, වරදිනවා , චවන එන්නේ නැහැ , ඒත් ටික දවසක් ගියාම , උත්සාහ ගත්තොත් බැරි නැහැ .

මේ අතරෙම ඉංග්‍රිසි පොත් ටිකක් කියවන්න ගන්න , ඔන්න ඉතින් මහා සම්භාව්‍ය පොත් නෙවි , ඔය පුංචි කතා පොතක් , සුරංගනා කතා පොතක් වුනත් වැඩිය හොඳයි , එතන ඉඳින් ඊළඟට දිනපතා පත්තරයක් අරගෙන කියවන්න පටන් ගන්න. ඔය ඉරිදට තියෙන ඉංග්‍රිසි පත්තරයක් ගත්තම මුළු සතියටම ඇති . කියවන ගමන් , අමාරු චවන ටික ඒකෙම ලකුණු කරගෙන වැඩේ කරගෙන යන්න . මුල් දවස් දෙක තුන නං එපා වෙන වැඩක් කියල හිතේවි , හැබැයි දවස් කීපයක් යත්දි නොකර බැරි වැඩක් ගානටම මේ කියවිල්ල පුරුදු වේවි .


දැන් හොද වචන ප්‍රමාණයක් ඔබේ මතකේ තියෙන නිසා ලියන්න පටන් ගන්න , පොතකුයි පැන්සලකුයි අරගෙන පැත්තකට ගිහින් මොකක් හරි සරල මාතෘකාවක් අරගෙන දන්න චවන ටික , ග්‍රැමර් ටික කලත්තල පොඩි රචනයක් ලියන්න , එතැනදි අර පත්තරේ කියවත්දි ගත්ත වචනත් දැම්මම හිතට දැනෙන සතුට ඉහළයි. ඔබේ ගුරුතුමාට , නැත්නම් ඉංග්‍රිසි දැනුම තියෙන හොඳ මිත්‍රයාට කියල අඩු පාඩු ටික හදාගන්න .


මෙ දවස් ටිකේ ගෙදරදි රේඩියෝ එක අහත්දි ටීවී බලත්දි ඉංග්‍රීසි චැනලයම යොදා ගන්න පුළුවන් නම් වටිනවා , සමහර වචන කියැවෙන හැටි , කැඩෙන හැටි හඳුගන්න ඒක හොඳ උපක්‍රමයක් . වැඩිය හොඳයි පුළුවන් නම් BBC හෝ ABC වගේ විදේශීය චැනලයන් නරඹන්න සහ අහන්න , රේඩියෝවේ නම් SW (FM නොවෙයි) පැත්තෙ ටිකක් එහෙට මෙහෙට පරිස්සමින් සුසුර tune කරත්දි මේ චැනල් සොයා ගන්න පුළුවන් .
ඔබ අනතර්ජාලෙත් එක්ක හරඹ කරන කෙනෙක් නිසා මෙන්න මේ ලින්ක් වලින් ගිහින් හොඳ වැඩසටහන් අසන්නට , නරඹන්නට අවස්ථාව ලබා ගන්න පුළුවන් . http://www.bbc.co.uk/radio/  සහ http://www.abc.net.au/radio/ තවත් තිබෙනවා ටිකක් හොයන්න බලන්න.

විශේෂයෙන්ම කියන්න ඕන , මේ හුඟක් වැඩසටහන් MP3 විදියට බාගන්නට පුළුවන් , පුළුවන් කමක් තියේ නම් එවන් වැඩසටහන් කිහිපයක් බාගත කරගෙන ඔබේ ෆෝන් එකට දාගන්න , ඔය සිංදු ටික අයින් කරල ඔය බාගත් කරගත් MP3 ටික අහන්න , විශේෂයෙන්ම ගෙදර ඉඳින් ක්ලාස් යන්න නගරෙට යන්න තියෙන වෙලාවට බස් එකේ යත්දි වුනත් ඕක කණේ ගහගෙන ගියානම් මොනව හරි ඔළුවට දාගන්න තිබුණා.

දැන් ඉතින් හිතේ මවාගත්ත මාතෘකාවක් දිගේ කතා කරන්න , තනියම කාමරේ ඉඳිත්දි , නැත්නම් නාන කාමරේ ඉඳිත්දි වුනත් මේ වැඩේ කරන්න පුළුවන් නැත්නම් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයා එක්කම ලොකු කතාවකට යන්න . හිතේ මවාගෙන “තනියම හරි“ කතා කරන්න , එතකොට තමයි තේරෙන්නේ වචන “ගලාගෙන එන්නට පටන් ගන්න හැටි “ ඒ දක්ෂතාවය හදාගන්නම ඕන.

දැන් පේනවනේ මේ වැඩෙන් ගොඩ යන්න නම් , “වැඩේට බහින්නම ඕන“ ...

දැන් මේ ඉංග්‍රිසි උණ හදාගත්තට පස්සේ ඊළඟට ඕනේ I.E.L.T.S. preparation course එකක් හොයා ගන්න , ඒකට නගරෙ තියෙන ආයතන ගනනාවෙන් ඔබේ වියදමට , කාළෙට , දුරට ගැලපෙන තැනක් සොයා ගන්න වේවි , සති අන්ත හයක් විතර ක්ලාස් එකක් හොඳටම ඇති , මොකද ඒවයේ කරන්නේ විභාගෙට අදාල කරුණූ , උපක්‍රම විතරයි.කොහොම වුනත් ක්ලාස් එක් විතරක් මදි , ඒකට අත්නර්ජාලයෙන් ඕන කරන හැම දෙයක්ම වගේ හොයා ගන්න පුළුවන් , IELTS Cambridge පොත් බොහොමයක් PDF විදියට බාගත කරගන්නට අද පුළුවන් , මේ එකක් විතරයි .http://depositfiles.com/files/mex7ertzo . මීට අමතරව උපදෙස් නොමිලේම දෙන වෙබ් අඩවිත් තිබෙනවා . ඒ විතරක් නෙවි Skype වැනි උපක්‍රම මඟින් දන්න ඉංගිරියෙන් කතා කරමින් , අඩුම තරමේ හිතේ බය නැති කරගන්න හරි හොඳ Skype කණ්ඩායම් ඉන්නවා , ටිකක් විමසිල්ලෙන් හොයල බලන්න , ඊට අමතරව Youtube පැත්තට ගියොත් Speaking test කෙරෙන , ලකුණ දෙන විදිය හොඳට අඳුනගන්නට පුළුවන් වීඩියෝ ගණනාවක් තිබෙනවා .



දැන් ඉතින් තරහ ගියා දන්නෙත් නැහැ , “කැනඩාවට එන්නට මඟ “ කියාගෙන වෙන මොනවදෝ කියනව කියල , මෙහෙමයි , අනික් කතා ඔක්කොම කියන්න මේ කතාව ඉවර කරගෙන ඉන්න එපායැ. ඒ නිසා වැඩිය තරහ ගන්නේ නැතිව දැන්ම ගිහින් “ඉංග්‍රිසි උණ “ හදාගන්න පටන් ගන්න . මේ ලෙඩේ නරකම නැහැ . හැබැයි ඉතින් සිංහල අමතක කරගන්න නම් එපා ...

ඊළඟට ඔබ හොඳ මට්ටමක ඉන්නවා නම් ඉක්මණට ගිහින් විභාගය සදහා දිනයක් වෙන්කරවා ගන්න , මොකද ඒ වැඩෙත් ටිකක් අමාරුයි , බය වෙන්න එපා දැන් IELTS ප්‍රතිපල අවුරුදු දෙකක් දක්වා පිළිගන්නවා , ඒ අතරේ පැනගන්න බැරි වෙන එකක් නැහැ මේ තුන තිබේ නම් , 

සැළසුමක් Plan , කැපවීමක් Dedication  සහ අවශ්‍ය සම්පත් Resources 

කෙටියෙන් කිව්වොත් , මේ රටට එන්නට පුළුවන් ක්‍රම ගැන දැනුමක් ඇතිව ඊට ගැලපෙන අධ්‍යාපන , විභාගව වගේ දේවල් සම්පුර්ණ කර ගන්න එක . මේක හොඳ සැළසුමක් ඇතිව කරන්නට ඕන , හැබැයි මේ රැකියා ගැන කීවොත් නම් කැනඩාවට වඩාත් අවශ්‍ය රැකියා ලයිස්තුව හැම වසරකම ජුලි මාසේ පළමුවනදාට තමයි එළිට දාන්නේ  , ඒකට තව පැයි කීයද කියල බලන්න ඉහළට ගිහින්.  ඒ වගේම ඔබ අදාල සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුවට අදාල නම් , අනෙක් විභාග විගේ දේවල් සම්පුර්ණ කරගන්න එකත් වටිනවා .

ඔව් තව ක්‍රම තියෙනවා , අධ්‍යාපනය ලබන්නට , එහෙම නැත්නම් කැනඩාවෙන් රැකියා අවස්ථාවක් ලබා ගෙන ඒ මත මේ රටට එන්නට , පවුලේ කෙනෙක් මගින් අනුග්‍රාහකත්වය ලබා ගන්නට ..ඔය වගේ ක්‍රම ගණනාවක් තිබෙනවා මෙහෙට එන්නට , ඒ නිසා සැලසුම් සහගතව වැඩේට බහින්නම ඕන.

Dedication , මේ ගැන කියත්දි මේ වැඩේ පටන් ගත් දා ඉඳළ කැනඩාවට පය තබන තුරු කරන්නට ඕන කරන කාරනා , වෙහෙසවීම් , සියල්ල ඇතුලත් (ඔය ඔක්කොම කිව්වොත් වැඩේ අතැරල දාන්න හිතෙන්නත් පුළුවන් නිසා ඒව ටික ටික සැර බාල කරල ඉස්සරහට කියන්නම් ,

Resources කීවේ නම් , යම් මුදල් ප්‍රමාණයක් , අවශ්‍ය ලිපිලේඛණ වගේ දේවල් . 

මේ ගැන විස්තරාත්මකව ඉදිරි දිනකදි කතා කරමු.
  
එහෙම නම් අදට සමු ගන්නවා , ඊළඟ ලිපියෙදි අනිවාර්යයෙන්ම , සංක්‍රමණික තොරතුරු ලබා දෙන්නට උත්සාහ ගන්නවා , 

ආ කියන්න අමතක වුනා , ඔය වම් පැත්තට වෙන්න Gadgets ටිකක් දාල ඇති , එයිනුත් පලක් ප්‍රයෝජනයක් ගත්තට වරදක් නැහැ .