පුහුගිය මාසේ 28 දාම , කැනඩා සංක්‍රමණ , පුරවැසි සහ බහුසංස්කෘතිකත්වය පිළිබඳ අමාත්‍ය ජේසන් කෙනී මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් , ජුලි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි , Federal Skilled Worker Program -F.S.W.P. සහ Federal Immigrant Investor Program සඳහා නව අයදුම්පත් භාර ගැනීම තාවකාළික අත්හිටවූ බව ප්‍රකාශ කළා. එය ලොව පුරා සිටි සංක්‍රමණ අපේකෂිතයන්ට ලොකු බලපැමක් කළ ඔබ ඔවුන්ගේ facebook සහ tweeter වැනි සමාජ ජාලා ඔස්සේ සටහන් වුනු චවන වලින් කියාපෑවා. මොකද ඒ වෙනාකොටත් බොහෝ දෙනා , ජුලි පළමු වනදාට පසු අයදුම්කරන්නට ඕනැ කරන සියල්ලම සූදානම් කරගෙන සිටියා.කෙසේ වෙතත් කැනඩාවෙන් රැකියාව් ලැබෙන බවට වන සහතිකයක් සහිතව , එනම් arranged employment ඉල්ලුම් කරන්න් සඳහාත් , කැනඩාව තුල අධ්‍යාපනය ලැබූ (PhD හෝ ඉහළ) ඉල්ලුම්කරුවන්ටත් මේ තාවකාළීක නැවැත්වීම අදාල වන්නේ නැහැ ,ඔවුන්ට සාමාන්‍ය ආකාරයට තමන්ගේ ඉල්ලුම්පත් වල කටයුතු කරගන්නට තවමත් පුළුවන්.
කෙසේ වෙතත් වූ දෙය තුල යම් හොඳක් දකිමින් , ඒ කිව්වේ දැන් සූදානම් නොවූ අයටත් මේ සඳහා සූදානම් වන්නට කාළයක් ලැබුණු නිසා , අපි මේ කතාවේ ඉදිරියට යමු .
අද අපි පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරමු , මොකද ඒ ප්‍රශ්නේ ගැන විස්තරාත්මකව කතා කරළම වැඩ පටන් ගන්න එක වටින නිසා. ප්‍රශ්නේ “ ඇයි අපි රට යන්නේ ? “ .....උත්තර කිහිපයක් තියේවි ,
“
කීයක් හරි හම්බ කරගෙන එන්න ,
කීයක් හරි ඉතිරි කර ගන්න ,
ගෙයි වැඩ ටික ඉවර කරගන්න ,
ලංකාවේ ඉඳළ කීයක්වත් ඉතිරි කරගන්න බැහැ ඒ නිසා ...
මගේ උගත්කමට ලංකාවෙ ලැබෙන පඩිය මදි ,
ඔය අතරේම මෙහෙම උත්තරත් ලැබෙන්න පුළුවන් ..
“තව දුරටත් ඉගෙන ගන්න ..
වෙනසක් දකින්න ...
අළුත් අත්දැකීම් එකතු කරගන්න ..
දරුවන්ට හොඳ අනාගතයක් හදල දෙන්න ..
නිදහසේ ඉන්න ..
එහෙම නම් අද ඉඳන් අපි කැනඩාව ගැන පොඩි පර්යේෂණයක් , තොරතුරු සොයා බැලීමක් කරන්නට සුදානම් , දැන් කළබල වෙන්න එපා “කෝ ? කීව සංක්‍රමණ උපදෙස් කියල ...මුලින්ම කීවනේ , අපි ටිකෙන් ටික දැන ගෙනම මේ ගමන යමු “ ඒ නිසා කළබල නැතිව ලිපියේ ඉතිරියට යන්න , එතකොට දැනේවි මේ තොරතුරු දැන ගැනීමේ වැදගත්කම.
මුලින්ම අපි කතා කරමු , ආර්ථික ගැන , හැබැයි මම ආර්ථීක විද්‍යාව පිළිබඳ උගතෙක් නොවන නිසා ලොකු ගැඹූරු කරුණු කතා කරන්න යන්නේ නැහැ , නමුත් ප්‍රායෝගිකව වැදගත් මුලික කරුණු ටිකක් කතා කරමු,
කැනඩාවේ භාවිත මුදල් ඒකකය තමයි “කැනඩා ඩොලරය“ " එය ශ්‍රී ලංකා රුපියල් 120-135 වගේ සීමාවක තමයි රැඳෙන්නේ , ඒ වගේම ජාත්‍යත්තරව ගත්තම හොඳ ආර්ථික ස්ථාවරත්වයක් තිබෙන රටක් විදියට තමයි කැනඩාව පිළිගැනෙන්නේ. ඛනිජ තෙල් සහ ඒ ආශ්රිත නිශ්පාදන , පතල් ආශ්රිත කර්මාන්ත , කෘෂි කර්මය වගේම ඉහළ මට්ටම් තාක්ෂනික නිශ්පාදන ජාලයත් නිසා ලෝකය පහුගිය කාළේ මුහුණ දුන් දරුණුම ආර්ථික අවපාතයන් හිදීත් යම් ස්ථාවරභාවයක සිටින්නට පුළුවන් වූ රටවල් අතර කැනඩාව ඉහළින් ඉන්නවා. රැකියාවියුක්ති අනුපාතය unemployment rate අතින් බැලුවත් අමෙරිකාව , එන්ංගලන්තය වැනි රටවලට ඉහළින් තවමත් ඉන්නා බවයි C.I.A.සංවිධානයේ දත්ත අනුව පැහැදිලි වන්නේ උද්ධමන අනුපාතය අතිනුත් බොහෝ දියුණු රටවලට වඩා හොඳ මට්ටමක මේ රට දැනටත් සිටින්නේ . මේ විස්තර කියන්නට හේතුව ඔබ එන්නට සිටින රටේ ආර්ථික හැසිරීම ගැන පොඩි හරි අවබෝධයක් ලබා ගත යුතු නිසා ,
මේ බර විස්තර විලින් පස්සේ අපි ටිකක් හොයල බලමු අපි රස්සාවකට ගියාම ලැබෙන පඩිය එහෙම කොහොමද කියලා ? මොකද ඒක වැදගත් කාරණයක්නේ .
හරි එහෙම කම් දැන් අපි කතා කරන්නේ , අදාල සුදුසුකම් සපුරාගෙන රැකියාගත වූවන්ට ලැබෙන වැටුප් තත්තව ගැන දල විස්තරයක් ..
මුලින්ම health jobs වලින්ම පටන් ගනිමුකෝ ...
හෙද සේවාව කියන වෘත්තිය කැනඩාව තුල පිළිගැනෙන්නේ Regulated job category එක යටතේ නිසා ටිකක් විධිවිධාන , නීතී රීති වැඩියි , ඒ වගේම වැටුප පැයට ඩොලර් 20 පටන් අරගෙන 45 විතර දක්වා සාමාන්‍යෙයන් යනවා , ඒක පුහුණූ සහ රැකියාවේ ස්ථානය අනුව පැයට ඩොල්ර් 75-100 වෙන්නටත් පුළුවන්. වෛද්යවෘත්තියත් මේ ගණයටම අයිති වෙන්වා , ඒ අනුව කැනඩාවට අදාල සුදුසුකම් සම්පුර්ණ කරන වෛද්‍යවරයෙක්ට පැයට ඩොලර් 29ක සිට 120 වැනි අගයක් දක්වා වැටුපක් ලබා ගන්නට හැකියාව තිබෙනවා.
දැන් බලයි මොකක්ද මේ පැයට කතාව කියල , ඔව් කැනඩාව තුල හැම රැකියාවකටම පැයට ගෙවන ප්‍රමණයෙන් තමයි වැටුප ගැන කතා කෙරෙන්නේ , දැන් ඉතින් කරන්න ඕන මාසේ දවස් 25කට විතර පැය 8 සේවා මුර ගණනය කරලා මාසේ පඩිය හොයා ගන්න එක . එතනදිත් කියන්න එපායැ නිවාඩු ගැන , කැනඩාවෙදි මුළු අවුරුද්දටම තියේනනෙ රජයේ නිවාඩු දවස් දහයක් විතරයි , හැබැයි ඉතින් සේවකයාට සති විවේක නිවාඩු වැනි සාමාන්‍ය නිවාඩු පිළිබඳ අවස්ථාවන් තිබනවා.
අපි දැන් කතා කරමු , මේ විදිවට විශේෂ අධ්‍යාපන සුදුසුකමක් නැති රැකියාවක් ගැන , අපි හිතමු සාමාන්‍ය කම්කරු රැකියාවක් කියල , මේ අයටත් අවම වශයෙන් පැයට ඩොලර් 10ක් වැටුප් විදියට ගෙවන්න ඕන , නමත් රැකියා අත්දැකීම් , එක්ක ඒ වැටුප පැයට 30ක් විතර දක්වා වැඩි කරගන්නත් පුළුවන් .
මේ ඔක්කොම කතා කීවේ කැනඩාවේ සාමාන්‍ය අගයන් විදියට , මොකද එක එක පළාතෙන් පළාතට මේ වැටුප් සීමාවන් එහා මෙහා වෙන්නට පුළුවන් . කොහොම වුනත් එක දෙයක් කියන්නට පුළුවන් , කනඩාවෙදි ලැබෙන වැටුපෙන් කරදරයක් නැතිව හොඳ පහසුකම් එක්ක හිතට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
එහෙම නම් තව කරුණූ ටිකක් ඊලඟ දවසෙදි කතා කරමු , දැන ගන්නට යමක් ඇත්නම් කොමෙන්ට් තීරුවේ සටහනක් ලබන්න , ඉඩ ලැබුණූ විගසින් උත්තර දෙන්නම් .