ඔබ අදාල ඉල්ලුම්පත් සහ ඊට අදාල සියලු ලියවිලි , පොලිස් වර්තා , නියමිත මුදල් ගෙවීම් කළා නම් දැන් තවත් දින කිහිපයකින් ඔබේ ඉල්ලුම්පත ලැබුණු බවත් ඊට අදාල තාවකාළික file අංකයක් සහිත ලිපියක් ලැබේවි . සාමාන්‍යෙයන් ඉල්ලුම්පත යොමු කර මාසයක් වගේ කාළයක් ඇතුලත මෙය ලැබේවි. දැන් ඔබ කැනඩාව ගැන තවත් විස්තර හොයාගන්න එක් හොඳයි , දැනට තියෙන රැකියා ඉල්ලුම් , නිවාස කුළි , වෙනත් වියදම් ගැන එහෙම ටිකක් හොයා ගන්න .
ඒ කාළේ මොකද වෙන්නේ කියලත් ටිකක් දැන ගත්තොත් ඔය කාළේ හිතට දැනෙන කාංසාව අඩු කරගන්න පුළුවන් වේවි . ඒ නිසා අපි ටිකක් ඒගැන බලමු .
දැන් සුදුසුකම් ලද ඔබේ අයදුම්පත සහ අදාල ලියකියවිලි ගොනුව ලංකාවේ Visa Office එක වෙත යොමු කෙරෙනවා. එහිදි ඔබේ ලියකියවිලි එකින් එක බොහොම සුක්ෂම විදියට සොයා බලන අදාල වීසා නිලධාරින් සමහර කරුණූ තරවුරු කර ගන්නට ලියකියවිලි වලට අදාල නිකුත් කළ නිලධාරින් පවා අමතන්නට ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම මුදල් තත්ත්වය පිළිබඳ තහවුරු කරගන්නට බැංකු කළමණාකාරීත්වය අමතන එක පොදු එක අවස්ථාවක් . ඉන් අනතුරුව ඔබේ ලියකිවිලි සහ සුදුසුකම් සඳහා ලකුණූ ලබා දීමක් කෙරෙනවා . එතැනදි පහත සාරාංශයක් විදියට දැක්වෙන ක්‍රමයට ඔබට ලකුණූ දෙනවා . ඔබට ලකුණු 67ක් හෝ ඉහළ අගයක් ගන්න පූළුවන් වුනොත් ඔබ දිනුම් ...ඒ කියන්නේ ඔබේ අයදුම්පත දැන් ඉදිරියට යන්න සුදුසුකම් ලබලා තිබෙනවා . මෙතැනින් එහාට මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකට ගියාම .
ඒ වගේම 33A, 5th Lane, Colpetty Colombo -03 Sri Lanka ලිපිනයේ තිබෙන කැනඩා high commision එකට ගිහින් තොරතුරු දැන ගන්නත් පුළුවන් , ඒත් ඒ හැම වෙලාවකම ලැබෙන්නේ දළ විස්තරයක් විතරයි වැඩි විස්තර ලබා දෙන්නට අදාල නිලධාරින්ට හැකියාවක් නැහැ , මොකද වීසා සැකසුම ඒ තරම්ම සුක්ෂමව කෙරෙන නිසා.
මෙයින් පසුව හෝ හේ සමඟම යම් අවශ්‍යතාවක් තහවුරු කරගන්නට ඇතොත් අදාල වීසා නිලධාරියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණෙන්න යැයි දැනුම් දේවි . නමුත් FSW තුලදි ඒ විදියට කැඳවිම් කරපු අවස්ථා අහන්නට ලැබුණේ ඉතා සිමිත සංඛ්‍යාවක් .
තවත් සති හතරකට හයකට පස්සේ ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක්
දැන් ඉතින් ...!!!!!!!!!!!
ඔව් එතැනින් එහාට කර ගන්න ඕන දේවල් ටික අපි අනෙක් දවසේ කතා කරමු . එතැනදි ඔබ ගුවන් ගමනට සූදානම් විය යුතු ආකාරය , ලංකාවෙන් ගෙන ආයුතු , නොගෙන ආයුතු දේ , වගේම අදාල ලියකියවිලි ගැනත් කතා කරමු ....
තිබෙන විවේකයත් එක්ක ඊළඟ ලිපිය එක් කරන්නට ටික දවසක් යාවි ඒ ගැන සමාවන්න .