මොනවද වැදගත්ම ..? ...
මුලින්ම පවුලේ හැමෝගෙම පාස්පෝට් ගන්න , හොඳට බලන්න එහි වීසා සටහන තුල නම විස්තර නිවැරදිද කියල , ඊළඟට වීසා නිකුත් කළ දවසේ ලබා දුන් travel documents , අර ඔබේ පිංතූරයත් විස්තරත් අඩංගු පිටු තුනක විතර ලේඛණය , පවුලේ එක් අයෙක්ට එක බැගින් ඇති , අර පාස්පෝට් තියෙන පිළිවෙලටම ඒ ටිකත් තියා ගත්ත නම් ලේසියි .
ඊළඟට තමයි දෙයියන්ගේ මල්ලි එක්ක කරන වැඩේ ...ඔබට නියමිත Proof of fund මුදලක් ඇති , එය ලක්ෂ විස්සක් විතර වෙන්න පුළුවන් , සමහර විට එය මුදල් ලෙසින්ම ගේන්නට අදහස් කරනවානම් අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකා රුපියල් , කැනඩා ඩොලර් වලට හෝ අමෙරිකානු ඩොලර් වලට මාරු කරල තියා ගන්න . ඒ මාරු කරත්දි පිලිගත් බැංකුවකින් මාරු කරගන්නවාද , නැත්නම් black market දානවද කියන එක ඔබේ තීරණයක් , කොහොම වුනත් හොඳ රේට් එකක් ලැබෙන ආරක්ෂිත තැනකින් මාරු කර ගන්න එක වටිනවා ,
ඊළඟට සහතික ....මොනවද ඕන කරන්නේ ..සියල්ලන්ගේම උප්පැන්න සහතික , සහ ඒවායේ ඉංග්‍රිසි පරිවර්ථන සහ සහතික කළ පිටපත් කිහිපයක් , විවාහකයන් ගේ විවාහ සහතික , නීත්‍යානුකූලව දික්කසාද වූවන් ඊට අදලා සහතික පත් සූදානම් කරගන්න . මේ සහතික වලත් ඡායාපිටපත් දෙක බැගින් වත් අරන් තියෙන්න ඕන .
දැන් සියල්ලන්ගේම අධ්‍යාපන සහතික , ( විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඔස්සේ , විදේශ අමාත්‍යංශ කාර්යාලයෙන් ලබා ගත් සහතික ) , උපාධි හෝ ඩිප්ලෝමා වල transcripts , රැකියාවලට අදාල වෘත්තීය සහතික වගේ හැම දේකම ඡායා පිටපත් එක්කම සූදානම් කරගන්න ..
ඊළඟට දරුවන් දැනට පාසල් යනවා නම් , ඒ පාසල් වලින් ලබා ගත් දැන්ට සිටින ශ්‍රේණිය තහවුරු කෙරෙන ලිපි , දරුවන්ගේ ප්‍රතිශක්ති කරණ සටහන් , ඒවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මගින් සනාථ කළ ලිපි , සහ ඒම ඡායා පිටපත් ..ඊළඟට ..මතකද අපි කීව මාස තුනකට විතර බෙහෙත් ගේන්න කියල , අන්න ඒ බෙහෙත් වලට අදාල වෛද්‍ය සටහන් සහ පිටපත් ..ඊළඟට අමත කරන්නේ නැතිව ඔබ රියදුරු බලපත්‍රයක් තිබේනම් එය ,
මේ සියල්ලන්ගේන් මුලික සහතික පත් එක ෆයිල් එකකටයි , ඡායාපිටපත් එකකටයි වෙන් කරගන්නකෝ . මොකද මේ මුල් පිටපත් ටික අපි ගෙනියන්නේ Carry on baggage එකේ ...අර ඡාජාපිටපත් ගෙනියන්නේ check in baggage නැත්නම් අර ලොකු බෑග් එකේ ...
පොඩ්ඩට සෙල්ලම් බඩුවක් දෙකක් දාගත්තට කමක් නැහැ , ඒත් සෙල්ලම් පිස්තෝල වගේ දේවල් නම් දාගන්න එපා .මහත්තය සිගරට් බොන කෙනෙක් වුනත් ලයිටර් දාගෙන ගිහින් නිකං කාළෙ නාස්ති කරගන්නයි හිතේ කළබලයක් ඇති කරගන්නයි එපා කියල තමයි මට කියන්න තියෙන්නේ ..
හරි දැන් අපි කැරිඔන් බැගේජ් එක පැක් කරගෙන ඉවරයි , දැන් පටන් ගන්නේ අර ලොකු බෑග් එක ..චෙක්ඉන් බැගේජ් එක පැක් කරගන්න ...
දැන් ඔක්කොම පැක් කරල බෑග් ටිකේ බර කිරන්න , ඔබේ ගුවන්ගමන් නියෝජිතයා පවසන්න ඇතිනේ කොයි තරම් බරක් ගෙනියන්න පුළුවන්ද කියන එක ..අන්න ඊට අනුව පමණක් බඩු පැක් කරගන්න , නැත්නම් ඉතින් එක්කෝ වැඩි පුර වියදම් කරන්න හරි , නැත්නම් නාස්තියක් වෙන්න හරි ඉඩ තියෙනවා , ඔක්කොටම වඩා මේ වගේ වෙලාවක හිතේ නිකං කාංසාවක් ඇති කරගන්නේ මොකටෙයි නේද ? ....
බඩු ටික පැක් කරගෙන ඉවර නම් , දැන් ඉතින් හොඳ විවේකයක් ගන්න , හෙට අනිත්දා නේ පිටත් වෙන්න ඇත්තේ ..ඒ නිසා ඉතිරි ටික කතා කරන්න එනකම්ම විවේකයක් ගන්නකෝ ...හැබැයි ඉතින් ඊළඟ ලිපියත් එක්ක එන්න නම් තව මාසයක් විතර යන්නත් පුළුවන් ...එතකම්ම විවේක ගන්නවද ?....