කැනඩාවට එන්නට මඟ බලාගෙන ඉන්න ඔබට අළුත් ආරංචියක් ලැබුණා , එමඟින් කියැවුනේ පහත සුදුසුකම් වලට යටත්ව , Federal Skill Worker වර්ගය යටතේ අයදුම්පත් භාර ගැනීම 2013 මැයි 4 වන දින සිට ආරම්භ වන පැවසෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕන කැනඩාවට එන්නට සුදානම් වන ඔබට දැන ගන්නනට ඕන ඇත්තම දේ , නීත්‍යානුකූල දේ තියෙන්නේ පහත දැක්වෙන වෙබ් අඩවියේ , ඒ නිසා , මේ මම කියන දේ වත් , ඔබේ උපදේශකයා කියන දේවත් , කැනඩාවේ ඉන්න මිතුරන් වත් , ඔබේ උනන්දුව බාල කරන්නට උත්සාහ කරන “මිතුරු වෙස් ඇති“ සතුරන් කියන දේවත් සියයට සියයක්ම හරි කියල පිළිනොගෙන www.cic.gc.ca වෙබ් අඩවියට ගිහින් ඇත්ත දැන ගන්න .
මෙවර පසුගිය අවස්ථා වලට වඩා ඉක්මණින් එක් එක් වෘත්තීනට අදාල අයදුම්පතභාර ගැනීමේ උපරිම සිමාවන් ඉක්මණින් ළඟාවේයැයි ඔවුන් අපේකෂා කරන නිසා , මේ පිළිබඳව කැමැත්තක් ඇති ඔබට දැන් දැන්ම සූදානම් වෙන්න පුළුවන් නම් වටිනවා .
සූදානම් වෙන්න කීවේ , ඉංග්‍රීසි භාෂාවට අදාල විභාග ( මේ ගැන පෙර ලිපියකින් කතා කරල තිබෙනව) වගේම ඔබ දැනට ලබා ගෙන ඇති විභාග , සහතික ආදිය කැනඩාවට අදාලව ගැලපීමක් කරගන්නටත් වෙනවා (Credential Assessment) මේ කටයුතු වලටත් සෑහෙන කාළයක් යන නිසා මැයි 4වන දා වනතුරු බලාගෙන ඉන්න එපා . දැන්ම වැඩ පටන් ගන්න . අවශ්‍ය මූලික තොරතුරු මීට පෙර ලිපිවලදි කතා කරල තිබෙන නිසා නැවත එකම දේ ලියන්න යන්නේ නැහැ.
කෙසේ වෙතත් , පොදුවේ බොහොම අය අහන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලියන්නම් ,
1. කැනඩාවට එන්නට “කොම්පැණියක් , ඒජන්සියකින්ම “ මඟින්ම එන්න ඕනද ? ....
උත්තරේ මේකයි.
මේ අයදුම්පත් සැකසීමේ ක්‍රියාවලිය ඔබටම කරගන්නට පුළුවන් , මීට පෙර ලිපියකදි ඊට අදාල සියළු ලිපි ලේඛණ ඉදිරිපත් කළා , දැන් කළ යුත්තේ , ඒ සියළු ලේඛණ බාගත කරගෙන , විශේෂයෙන්ම , අයදුම්පත් පිරිවීමට අදාල උපදෙස් අඩංගු ලේඛණ ආදිය හොඳින් අධ්‍යයනය කරලා , නියමිත ලිපි ලේඛන සුදානම් කරගෙනම අදාල අයදුම්පත සම්පුර්ණ කරලා , නියමිත තැනට තැපැල් කරන එක . මේ වෙනුවෙන් කැනඩා ආගමන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු නියමිත වීසා සැකසුම් ගාස්තු සහ ලිපි මුද්‍රණයට යන වියදම හැරෙන්න වෙන අමතර මුදලක් යන්නේ නැහැ .
නමුත් ඔබ මේ ක්‍රමයට අකමැති නම් ඔබට “කොම්පැණියකින්“ ඒ කිව්වේ උපදේශකයෙක්ගේ Immigration consultant කෙනෙක්ව යොදාගන්න පුළුවන් . ඔහු කරන්නෙත් ඔබේ ලිපි ලේඛණ ටික සම්පුර්ණ කරලා අදාල ආයතනය වෙත යොමු කරන එක විතරයි . ඊට අමතරව සමහර විට ඔහු ඔබට කැනඩාව ගැන තව රසකතා ටිකක් කියාවි . නමුත් මේ සඳහා ඔබ අමතර රුපියල් ලක්ෂ 5-7ක් ගෙවන්න ඕන . වැදගත්ම දේ Canadian immigration එකට කිසිම වැදගත් කමක් නැහැ ඔබේ අයදුම්පත ආවේ Immigration consultant කෙනෙක් හරහාද , එහෙම නැත්නම් ඔබ තනිවම අයදුම් කළාද කියන වග . ඔවුන්ට වැදගත් ඔබ ඉදිරිපත් කර ඇති ලේඛණ වල පිළිගැනීමේ හැකියාව සහ නිරවද්‍ය බව . ඒ නසා “කොම්පැනියකින් “ ඇප්ලයි කළා කියලා , කැනඩා එන වැඩේ විශේෂ පහසුවක් වත් , ඉක්මණක් වත් වෙන්නේ නැහැ .එකම දේ අතේ තියාගත යුතු මුදලක් නිකරුණේ නැතිව යාම විතරයි .
කෙසේ වෙතත් මේ ක්‍රම දෙකෙන් කුමක් සුදුසුද කියල තීරණය කරන එක ඔබේ අතේ . කෙසේ වෙතත් කියන්න තියෙන වැදගත්ම දේ එන්න අරමුණක් ඇත්නම් මෙන්න කාළය සුදානම් වෙන්න .
2 . මේ වැඩේට ලොකු මුදලක් වැය වෙනවද ?
පිළිතුර , ඔව් සම්පුර්ණයෙන් ලක්ෂ 3-5ක්වත් අතේ තියා ගන්න ඕන , විසා සැකසුම් ගාස්තු , වෛද්‍ය පරික්ෂණ වලට යන වියදම් , වීසා ලැබුණොත් කළ යුතු ගෙවීම් , ගුවන් ටිකට්පත් වලට ආදිය . මීට අමතරව කැනඩාවට පැමිණ මාස හයක් ජීවත් වන්නට අවශ්‍ය මුදලක් සූදානම් කරගන්නට වෙනවා එය රුපියල් ලක්ෂ 17-25ක් විතර වෙන්න පුළුවන් පවුලේ සංඛ්‍යාවට අනුව . හැබැයි මේ මුදල අතේ අරගෙන එන්න ඕන කියල කොතැනවත් නැහැ . ඔවුන්ට ලිඛිතව මේ මුදල ඇති බව පෙන්වන්නයි අවශ්‍ය , මේ ගැන මීට වඩා කියන්න ඕන නැහැනේ . ඕනකම ඇත්නම් හැම දේටම නීත්‍යානුකූල ක්‍රම සහ විධී තිබෙනවා , හැබැයි නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් නම් දැන් ඇවිත් වැඩක් වෙන්නේ නැහැ , ඒක මුදලත් , ජීවිතයත් අනතුරේ දාගැනීමක් විතරයි.
3 ඇප්ලයි කරන ඔක්කෝටම වීසා හම්බවෙනවද ?
ඇත්තම කතාව , ඒක 100%ක් ස්ථීරව කියන්න බැහැ , ඔබේ අයදුම්පත යොමුවන අවස්ථෘව වන විට අදාල රැකියා කාණ්ඩයේ පවතින අයදුම්පත් සංඛ්‍යාව, ඔබේ සුදුසුකම් , ලේඛණ වල නිරවද්‍යතාව , වගේ සාධක ගණනාවක් මත මෙය වෙනස් වන්නට පුළුවන් . හැබැයි එන්න ලැබෙන්නෙත් උත්සාහ කළොත් විතරයි.
4. ඇප්ලයි කරල කොයිතරම් කාළයක් බලාගෙන ඉන්න වේවිද ?
අළුත් සැකසුම් වලට අනුව මාස 9ක් වගේ කෙටි කළකින් වීසා අනුමත විය හැකිබව බලධාරින් පවසනවා , කෙසේ වෙතත් අපි අවුරුද්දකට විතර සූදානමක් තියාගන්න එක හොඳයි ,
එහෙම නම් ලැබුණූ විවේකයේ කෙටියෙන් මේ සටහන කළේ , මේ අවශ්‍යතාව ඇති ඔබට , උනන්දුවන්නට දැන් කාළය හරි කියන්නයි උවමනා වුනේ . මේ ගැන තවත් දේ දැනගන්න යන්න පහත වෙබ් අඩවියට .
මේ වගේ ලිංක් තියෙන තවත් කොම්පැනි වෙබ් සයිට් තියෙන නිසා කැනඩා ආගමන විගමන අංශයේ වෙබ් අඩවියේ පිංතූරෙකුත් මෙන්න දැම්ම , හරි තැනට යන්න
![]() |
www.cic.gc.ca හරි තැනට යන්න |
විශේෂයෙන්ම Immigration consultant companies කියන “සිනි බෝල කතා“ , සුරංගනා කතා ගැන රැවටිලා නම් එන්න එපා , එනවා නම් “හරියට දැන ගෙනම එන්න“ ...
එහෙම නම් , සුබ දවසක් , නැවත හමුවෙමු.