මේ යටතේ ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්නට මූලික සුදුසුකම් විදියට සපුරා ගන්නට ඕන කාරණා කිහිපයක් තිබෙනවා . ඒ තමයි
1. “සුදුසුකම් ලත් රැකියා eligible occupation list" කාණ්ඩය යටතට අයත් රැකියාවක අවම වශයෙන් වසරක පූර්ණ කාළීක රැකියා අත්දැකීම් ලබා තිබෙන්නට ඕන .
2.අයදුම්පතට අදාලව ලකුණූ දීමේ රටාවෙන් අවම වශයෙන් ලකුණු 67ක් ගන්නට ඕන .
3. කැනඩාව තුල PhD එකක් හරි , අවම වශයෙන් අවුරුදු දෙකක් ඒ දක්වා අධ්‍යාපනය හැදැරූ අයෙක් නම් ඔබට අවස්ථාව තිබෙනවා මේ සඳහා ඉල්ලුම් කරන්නට.
දැන් ඉතින් බලා ගන්නට එපායැ මොකක්ද මේ සුදුසුකම් ලත් රැකියා ලැස්තුව කියල ...මෙන්න ඒ රැකියා විසි හතර ..
0211- Engineering Managers
1112 - Financial and Investment Analysts
2113 - Geoscientists and Oceanographers
2131 - Civil Engineers
2132 - Mechanical Engineers
2134 - Chemical Engineers
2132 - Mechanical Engineers
2134 - Chemical Engineers
2143 - Mining Engineers
2144 - Geological Engineers
2144 - Geological Engineers
2145 - Petroleum Engineers
2146 - Aerospace Engineers
2147 - Computer Engineers (except Software Engineers/Designers)
2154 - Land Surveyors
2174 - Computer Programmers and Interactive Media Developers
2243 - Industrial Instrument Technicians and Mechanics
2263 – Inspectors in Public and Environmental Health and Occupational Health and Safety
3141 - Audiologists and Speech-Language Pathologists
3142 - Physiotherapists
3143 - Occupational Therapists
3211 - Medical laboratory Technologists
3212 - Medical laboratory Technicians and Pathologists' Assistants
3214 - Respiratory Therapists, Clinical Perfusionists and Cardiopulmonary Technologists
3215 - Medical Radiation Technologists
3216 - Medical Sonographers
3217 - Cardiology Technicians and Electrophysiological Diagnostic Technologists, n.e.c. (not elsewhere classified)
දැන් පොඩි ගණනක් හදන්නයි යන්නේ , මේකයි , දැන් මේ FSWP යටතේ වසරකට ඇතුළුකර ගන්න හදන්නේ 5000ක පිරිසක් විතරයි . ඒ කියන්නේ එක රැකියාවකින් 200-300ක විතර පිරිසකට විතරයි අවස්ථාව ලැබෙන්නේ . එයිනුත් PhD කාණ්ඩයට ඉල්ලුම්පත් 1000ක් විතර භාර ගන්නට සුදානම්ව සිටින බවයි මේ ආරංචි වලින් කියැවෙන්නේ.
දැන් අපි ඉංග්‍රිසි භාෂාව පිළිබඳ අගැයීම ගැන කතා කරමු , මේ ආරංචිය නම් ටිකක් සතුටුදායක වේවි , ඒ කීවේ මෙවර I.E.L.T.S. විභාගයේ Reading , Writing , Speaking සහ Listing කියන පියවර හතරටම අවම වශයෙන් ලකුණූ 6ක මට්ටමක් ලබා ගන්නට වෙනවා. මේ ලකුණු ලබා ගත යුත්තේ I.E.L.T.S General ආකාරය යටතේ පමණයි . මොකද අප මීට පෙර කතා කළා , වීසා සඳහා අවශ්‍ය වන්නේ IELTS General version බව.
දැන් ටිකක් අළුත් වැඩකට යොමු වෙන්නයි හදන්නේ. ඒ කියන්නේ ඔබට දැන් සිදුවෙන්නේ ඔබේ අධ්‍යාපන සහතික (කැනඩාවේ ඒවා නොවේ නම්) සියල්ල , කැනඩාවට අනුකූල වන විදියට තක්සේරුවක් කරගන්නට වෙනවා. ඒ සඳහා කැනඩාවේ පහත ආයන වෙත ඔබේ අධ්‍යාපන සහතික යොමු කර , අදාල ගාස්තු ගෙවීමෙන් සති කිහිපයක් තුල අදාල වාර්තාවන් ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා.
මෙන්න ඒ ඔබේ අධ්‍යාපන සහතික , තක්සේරුවට යොමු කළ යුතු ආයතන හතර , මෙයින් ඔබ කැමති එකකට යොමු වෙලා , වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.
විශේෂයෙන්ම කියන්නට ඕනෑ කාරණයක් ! පහුගිය කාළයේ වගේම දැනටත් විවිධ වෘත්තිකයන් , රැකියා අපේක්ෂීත තරුණ තරුණියන් රවටමින් , කැනඩාවේ ස්ථීර පදිංචිය සහ ස්ථිර රැකියා ලබා දෙන බවට පොරොන්දු දෙමින් විවිධ ආයතන සහ පුද්ගලයන් දේශන පවත්වමින් , රූපවාහිනී දැන්වීම් පළකරමින් , පුවත් පත් දැන්වීම් දමමින් ( පිළිගත් යැයි නම් සඳහන් , වෙබ් අඩවි ලිපින සඳහන් සහ තමන් දෙරටේම නීති ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් යැයි හඟවමින් ) රැපියල් ලක්ෂ ගණන් මුදල් රැස් කරගන්නා බව , දැනටමත් රැස් කරගෙන ඇති බවත් දැන ගන්නට ලැබුණා , විශේෂයෙන්ම කොළඹින් ඈත ප්‍රෙද්ශ වල රෝහල් වල , කාර්ය මණ්ඩලයේ සමහර සාමාජිකාවන් දැනටමත් එම සූරා කෑම් වලට අසුවී ඇති බව දැන ගන්නට ලැබුණා , ඒ ගැන කිව යුතුම දේ , කිසිවකුටවත් , කිසිවකුගේ නිල නාමයටවත් කැනඩාව තුල ස්ථිර පදිංචිය ලබා දීමට , ස්ථිර රැකියා ලබා දීමට කැනඩා රජය වෙත බල කිරීමේ හැකියාවක් නැහැ , එය ස්වාධීව ක්‍රියාත්මක වන ලකුණූ දීමේ ක්‍රියාපටිපාටියක කොටසක් විතරයි. ඒ නිසා මේ ඉල්ලුම් පත් ඔබම යොමු කළත් , ලක්ෂ ගණනක් වියදම් කරමින් “XXXXX immigration company“ එකෙන් යොමු කළත් සිදුවන්නේ එකම කටයුත්තක් , ඒ වගේම මේ පියවර වලින් එපිට (නීත්‍යානූකුලව කැනඩාවට ඇතුළු විය හැකි ආකාර වලට ) වෙනත් දෙයක් සඳහා කිසිවකුටත් මුදල් “පූජා කරන්නට එපා“ .
2146 - Aerospace Engineers
2147 - Computer Engineers (except Software Engineers/Designers)
2154 - Land Surveyors
2174 - Computer Programmers and Interactive Media Developers
2243 - Industrial Instrument Technicians and Mechanics
2263 – Inspectors in Public and Environmental Health and Occupational Health and Safety
3141 - Audiologists and Speech-Language Pathologists
3142 - Physiotherapists
3143 - Occupational Therapists
3211 - Medical laboratory Technologists
3212 - Medical laboratory Technicians and Pathologists' Assistants
3214 - Respiratory Therapists, Clinical Perfusionists and Cardiopulmonary Technologists
3215 - Medical Radiation Technologists
3216 - Medical Sonographers
3217 - Cardiology Technicians and Electrophysiological Diagnostic Technologists, n.e.c. (not elsewhere classified)
දැන් අපි ඉංග්‍රිසි භාෂාව පිළිබඳ අගැයීම ගැන කතා කරමු , මේ ආරංචිය නම් ටිකක් සතුටුදායක වේවි , ඒ කීවේ මෙවර I.E.L.T.S. විභාගයේ Reading , Writing , Speaking සහ Listing කියන පියවර හතරටම අවම වශයෙන් ලකුණූ 6ක මට්ටමක් ලබා ගන්නට වෙනවා. මේ ලකුණු ලබා ගත යුත්තේ I.E.L.T.S General ආකාරය යටතේ පමණයි . මොකද අප මීට පෙර කතා කළා , වීසා සඳහා අවශ්‍ය වන්නේ IELTS General version බව.
දැන් ටිකක් අළුත් වැඩකට යොමු වෙන්නයි හදන්නේ. ඒ කියන්නේ ඔබට දැන් සිදුවෙන්නේ ඔබේ අධ්‍යාපන සහතික (කැනඩාවේ ඒවා නොවේ නම්) සියල්ල , කැනඩාවට අනුකූල වන විදියට තක්සේරුවක් කරගන්නට වෙනවා. ඒ සඳහා කැනඩාවේ පහත ආයන වෙත ඔබේ අධ්‍යාපන සහතික යොමු කර , අදාල ගාස්තු ගෙවීමෙන් සති කිහිපයක් තුල අදාල වාර්තාවන් ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා.
මෙන්න ඒ ඔබේ අධ්‍යාපන සහතික , තක්සේරුවට යොමු කළ යුතු ආයතන හතර , මෙයින් ඔබ කැමති එකකට යොමු වෙලා , වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.
- Comparative Education Service: University of Toronto School of Continuing Studies;
- International Credential Assessment Service of Canada;
- World Education Services;
- Medical Council of Canada.
පුළුවන්. දැන් ඔන්න ඔය කාරණා ටික සම්පුර්ණ කර ගත්තා නම් FSWP යටතේ කැනඩාවට එන්නට මුලික පියවර අවසන් , හැබැයි නැවත නැවතත් කියන්නේ රැකියා නියෝජිතයන්ගේ “හීන වලට“ රැවටිලා නම් එන්න හිතන්න එපා, ඔවුන් මවන සමහර හීන ලෝකයක් නොවෙයි කැනඩාව , මෙයත් තවත් “ආර්ථීක වශයෙන් දියුණූ“ යැයි සැලකෙන කාණ්ඩයේ එක් රටක් පමණයි , මේ රටෙත් “සුබ සිහින“ වගේම ඕනෑ තරම් “අසුබ සිහිනත්“ තිබෙන බව දැන ගෙන , වෙනස් වීමටක ඔරොත්තු දෙන්නට පුළුවන් නම් විතරක් එන්න. මේ ගැන තවත් හිතන්න ඕන නම් “කැනඩාවට එන්නට මඟ“ පිටුවේ මුල් ලිපි කිහිපය වගේම අන්තර්ජාලය තුල පිරික්සුම් කරමින් මේ ගැන ටිකක් අධ්‍යයනය කරන්න.
මේ “ඇත්ත කතාව“ ලියන්නට වුනේ කිසිවකුත් වෙනුවෙන් පෞද්ගලික අමනාපයකින් නොවූවන් , මේ “කැනඩා ගැටයට“ හසුවූ පිරිසක් පිළිබඳ මගේ රෝහලේ මිතුරකු ලබා දුන් තොරතුරක් නිසා ඇතිවුනු සිත් වේදනාව නිසාමයි .
මේ කියවන ඔබට , කැනඩාවට පැමිණීම ගැන අදහසක් ඇත්නම් මේ ගැන විමසිළිමත් වීම වැදගත් , ඒ වගේම ඔබට එම අදහස නැතත් මේ අවදානම , රැවටීම ගැන ඔබේ මිතුරා දැනුවත් කරන්නේ නම් එය තවත් සත්කාර්යක්ම වේමැයි.
එහෙම නම් අදට සමුගන්නවා , ආයෙත් ඉක්මණින් තවත් ලිපියක් එක් කරන්නට සිතමින් ...
සුව සතුට පිරි දිනයක් වේවා ඔබට ..!